• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ (IMO) ප්‍රඥප්ති සපුරා ලීමට අවශ්‍ය පරිදි 1971 අංක 52 දරන වෙළඳ නාවික පනත සංශෝධනය කිරීම

- එක්සත් ජාතීන් විසින් තම සාමාජික රටවල සියලු නාවික කටයුතු පිළිබඳව බලය පවරා ඇති ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) විසින් අනිවාර්ය ප්‍රඥප්ති ලෙස පනවා ඇති ඉතා වැදගත් ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට අනුකූලව සිය සාමාජික රාජ්‍යයන් කටයුතු කළ යුතු වේ. ඒ අනුව, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ ප්‍රඥප්ති සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති පැනවීම පිණිස ශ්‍රී ලංකාවේ වෙළඳ නාවික කටයුතු හා ඊට අනුබද්ධිත සියලු කටයුතු නියාමනය කරනු ලබන 1971 අංක 52 දරන වෙළඳ නාවික පනත සංශෝධනය කිරීම පිණිස සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.