• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු පළාතේ වන පිවිසුම්, ස්වභාව රක්ෂිත, අභයභුමි හා ජාතික උද්‍යාන ප්‍රකාශයට පත් කිරීම

- තිස් වසරකට අධික කාලයක් පැවති යුද්ධය නිමා වී සාමය උදාවීමත් සමඟ උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා මෙන්ම පාරිසරික සංරක්ෂණය සඳහා යොදා ගත හැකි ප්‍රදේශ හඳුනාගැනීමේ මූලික අරමුණින් රාජ්‍ය ආයතන 25ක පමණ සහභාගිත්වයෙන් ඒකාබද්ධ ක්‍රමෝපායික පා‍රිසරික ඇගයීමක් සිදු කරන ලදී. මෙම වැඩසටහන සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මූලිකත්වය ලබා දුන් අතර අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික පහසුකම් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන (UNEP) මඟින් සපයන ලදී. එම ඇගයීම යටතේ, අලි මිනිස් ගැටුම අවම කිරීම, තෙත්බිම් සංරක්ෂණය, සංක්‍රමණික කුරුලු මංපෙත් ආරක්ෂාව, ජෛව විවිධත්වය සංරක්ෂණය හා පාරිසරික සංචාරක කටයුතු ප්‍රවර්ධනය යන අරමුණු මුල් කර ගෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනජීවී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ යුතු ප්‍රදේශ සහ දැනට පවතින රක්ෂිත අතරින් තත්ත්වය ඉහළ නැංවිය යුතු රක්ෂිත හඳුනා ගැනිණි. ඒ අනුව හඳුනා ගැනුණු වන පිවිසුම්, නව ස්වභාව රක්ෂිත හා ජාතික උද්‍යාන ප්‍රකාශයට පත් කිරීමටත්, පවතින අභය භූමිවල තත්ත්වය ‍උසස් කිරීමටත්, අභය භූමිවල මායිම් සංශෝධනය සඳහා නව මායිම් උපලේඛන සකස් කිරීමටත්, ඒවා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමටත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.