• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ රුසියානු සමූහාණ්ඩුව අතර ඇති කර ගන්නා ගිවිසුම

- ජාත්‍යන්තර මට්ටමෙන් සිදුවන අපරාධ මැඩපැවැත්වීම සඳහා සාපරාධී කාරණාවලදී ජාත්‍යන්තර අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව බෙහෙවින් වැදගත් වේ. 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත මඟින් විදේශ රටවල සිදුවන සාපරාධී කාරණාවලදී ශ්‍රී ලංකාව විසින් විදේශ රටවලට සහයෝගය ලබා දීම සඳහා සහ ශ්‍රී ලංකාව විසින් එම රටවල්වලින් සහයෝගය ලබාගැනීම සඳහා විධිවිධාන සලසයි. විමර්ශන පැවැත්වීම, නඩු පැවරීම සහ අපරාධවලින් උපයාගත් මුදල් රාජසන්තක කිරීම පිළිබඳ දෙරටෙහි නීති ඵලදායී ලෙස බලාත්මක කිරීමේ අරමුණ ඇතිව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ රුසියානු සමූහාණ්ඩුව අතර වන ඉහත ගිවිසුමට එළඹ එය අපරානුමත කිරීම පිණිස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.