• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාරම්පරික දේශීය වී අස්වැන්න මිල දී ගැනීම(

- බෝ නොවන රෝග පැතිරීමේ සහ වාර්ෂිකව මියයන පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් බෝ නොවන රෝග වැලඳීම හේතු කොට ගෙන මිය යාමේ ප්‍රවණතාවක් රට තුළ දක්නට ඇත. පාරම්පරික වගා ක්‍රමවලින් ඈත් වී කෘෂි රසායනික යෙදවුම් මත යැපෙන නවීන ගොවිතැනට අවතීර්ණ වීමත් පාරම්පරික ආහාර භෝගවලින් හා ආහාර රටාවෙන් ඈත් වීමත් බෝ නොවන රෝග වැලඳීමට හේතුසාධක වන බව දේශීය හා විදේශීය විද්‍යාත්මක පර්යේෂණවලින් ඔප්පු වී තිබේ. මෙම තත්ත්වයට පිළියමක් ලෙස ජනතාවගෙන් ඈත්ව ඇති පාරම්පරික ආහාර රටාව සඳහා ජනතාව නැවත පුරුදු කිරීමේ අරමුණ පෙරදැරිව පාරම්පරික දේශීය වී ඇස්වැන්නෙන් කිලෝග්‍රෑම් ලක්ෂ 25 ක් රු.80/- බැගින් මිල දී ගැනීමටත් එයින් කොටසක් කිලෝවක් රු.90/- බැගින් එක් අයකුට ලබා දෙන ප්‍රමාණය උපරිම වශයෙන් වී කිලෝග්‍රෑම් 25ක් වන සේ වකුගඩු රෝගය බහුල ප්‍රදේශවලට ප්‍රමුඛතාව දෙමින් බිත්තර වී සඳහා ගොවීන් අතර අලෙවි කිරීමටත්, ඉතිරි කොටස සහල් බවට පත් කොට වෙළෙඳපොළේ අලෙවි කිරීමටත් කටයුතු කරන බවට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.