• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා උපදේශක මණ්ඩලයක් පත් කිරීම

- කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව වගකීම් සම්භාරයක් උසුළනු ලබන ප්‍රධානතම ආයතනය වන අතර ‍භෝග නිෂ්පාදනය හා ඵලදායීතාව ඉහළ නැංවීම මඟින් ගොවීන්ගේ ආදායම සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත්, පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට ඉහළ ගුණාත්මක බවින් යුත් කෘෂිකාර්මික නිෂ්පාදන නොඅඩුව සැපයීමත් මෙම ආයතනයේ ප්‍රධාන අරමුණු වේ. එකී අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා උපදෙස් ලබා දීමට කෘෂිකර්මය හා සම්බන්ධ ආයතන හා ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරින්ගෙන් හා පුද්ගලයන්ගෙන් සමන්විත, 'කෘෂිකර්ම දෙපාර්තමේන්තු උපදේශක කමිටුව' නමින් වන කමිටුවක් ස්ථාපිත කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.