• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014/2015 මහ කන්නයේ වී මිල දී ගැනීම

- 2015 පෙබරවාරි මස 19 වන දින සිට මේ දක්වා කාලය තුළ ආහාර සුරක්ෂිතාව අමාත්‍යාංශය විසින් වී අලෙවි මණ්ඩලය සහ සමුපකාර සමිති මඟින් ගොවීන්ගෙන් සෘජුවම මෙන්ම ගොවි සංවිධාන හරහා වී මෙ.ටො. 148,973ක් මිල දී ගෙන ඇති අතර ඒ සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 7200ක මුදලක් ලබා දී ඇති බවත්, එය 2007 වසරේ සිට මේ දක්වා රජයේ මැදිහත්වීම මත මිල දී ගත් ඉහළම වී තොගය බවත් අහාර සුරක්ෂිතාව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලදී.