• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වර්තමාන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිණිස යෝජිත ව්‍යවස්ථා සංශෝධනය

පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් ජනමතය හා දේශපාලන පක්ෂවල පොදු ඉල්ලීම අනුව දැනට පවතින මනාප ඡන්ද ක්‍රමය ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයෙන් ඉවත් කොට සෑම මැතිවරණ කොට්ඨාසයක් හෝ ආසනයක් වෙනුවෙන් සෘජුවම මන්ත්‍රීවරයකු තේරී පත්වන ආකාරයට හා ඒ ඒ පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව ද මන්ත්‍රීවරුන් පිරිසක් තෝරා පත්වන ආකාරයට අවශ්‍ය විධිවිධාන ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම පිණිස කෙටුම්පත් යෝජනාවක් අතිගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. එම කෙටුම්පත් යෝජනාව පදනම් කරගෙන සියලුම පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් අනතුරුව, නව මැතිවරණ ක්‍රමයක් සඳහා වන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.