• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය (III වන අදියර) කෙරවලපිටිය සිට කඩවත දක්වා (කි. මී. 9.32) වන පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතියේ III වන අදියරෙහි වැඩ ආරම්භ කිරීම

- ‍පිටත වටරවුම් මාර්ගයේ III වන අදියර කෙරවලපිටියෙන් ආරම්භ වී කඩවතින් අවසන් වන අතර එහි දිග කි.මී. 9.32 කි. මෙම අදියරෙහි අනුමත සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රුපියල් මිලියන 66,689 ක් වන අතර, ඉන් 95% ක් චීනයේ එක්සිම් (EXIM) ණය මුදලක් මඟින් සපයනු ලබයි. මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වනවිට නිමවීමට ආසන්නව පවතින අතර, ඒ සඳහා වන්දි වශයෙන් දැනට ගෙවියයුතුව ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,100 කි. මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික හා මූල්‍ය කරුණු ඇගයීම පිණිස පත් කරන ලද සමාලෝචන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි සංශෝධිත වැඩ විෂයපථය යටතේ ඉහත ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමට මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ගරු කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.