• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ වන ගිවිසුම් දීර්ඝ කිරීම

- 1956 වසරේ සිට සෞඛ්‍ය, අධ්‍යාපන හා කාර්මික පුහුණු, කෘෂිකාර්මික හා ජීවනෝපාය සංවර්ධනය, පරිසරය හා ස්වාභාවික සම්පත් කළමනාකරණය, පළාත් පාලනය, මානුෂික ආධාර යන ක්ෂේත්‍රයන්ට අදාළ වැඩසටහන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. යහපාලනය, ආර්ථික වර්ධනය සහ මානුෂවාදී සහාය වැනි ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතාවන්ට වඩාත් නැඹුරු වනු පිණිස අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරයි. ඒ යටතේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහන්වලින් පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණ ඇතිව එම වැඩසටහන්වලට අදාළ ගිවිසුම්වල කාලය දීර්ඝ කිරීම පිණිස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.