• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සඳහා ඉහල ගුණාත්මකභාවයකින් යුත් අධි ශක්ති විකිරණ චිකිත්සක උපකරණ හා අදාළ යටිතල පහසුකම් සැපයීම සඳහා වූ ව්‍යාපෘතිය

දිවයිනේ ශීඝ්‍රලෙස වර්ධනය වෙමින් පවතින පිළිකා රෝගීන් සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ඉහළ ගුණාත්මකභාවයකින් යුත් අධි ශක්ති විකිරණ චිකිත්සක උපකරණ රටේ ප්‍රධාන පිළිකා මධ්‍යස්ථාන තුළ ස්ථාපිත කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස රජය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව, පළමු අදියර යටතේ මහරගම ජාතික පිළිකා ආයතනය, මහනුවර මහ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල සහ මඩකලපුව ශික්ෂණ රෝහල යන රෝහල් පහ සඳහා අවශ්‍ය ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර, බ්‍රැකී තෙරපි යන්ත්‍ර සහ සී.ටී. සිමියුලේටර් යන්ත්‍ර ලෝක බැංකු ආධාර හා ශ්‍රී ලංකා අරමුදල් උපයෝගීත්වයෙන් 2015 සිට 2017 දක්වා කාලය තුල දී මිල දී ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.