• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දහම් පාසල් ගුරුවරුන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය කිරීමට අවශ්‍ය රෙදි මිල දී ගැනීම - 2015

- දිවයින පුරා පවත්වාගෙන යනු ලබන දහම් පාසැල්වල නිස්සරණාධ්‍යාසයෙන් සේවයේ නියුතු ගුරුවරුන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය කිරීම 2004 වර්ෂයේ සිට රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ යටතේ 2015 වර්ෂය සඳහා දහම් පාසැල් ගුරුවරියන් හට ප්‍රදානය කිරීමට අවශ්‍ය 30,000 ක් වන හැට්ට රෙදි සහිත අත් යන්ත්‍ර සාරි (නිල ඇඳුම්) රාජ්‍ය ආයතනයක් වන පේෂකර්ම දෙපාර්තමේන්තුව මඟින් එකක් රුපියල් 1,400/- බැගින් රුපියල් මිලියන 42 ක වියදමින් මිල දී ගැනීම සඳහා බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.