• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දඬුවම් පමුණුවන ලද තැනැත්තන් ශ්‍රී ලංකා රජය හා රුසියානු සමූහාණ්ඩුව අතර භාර දීම පිළිබඳ ගිවිසුම

- ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් වරදකරු කර සිරදඬුවම් පමුණුවන ලද වෙනත් රටක පුරවැසියකුට ඔහුගේ සිරදඬුවම තමා පුරවැසියකු යැයි හිමිකම් පාන රටේදී විඳීමට අවස්ථාව සැලසීම පිණිස වන විධිවිධාන 1995 අංක 5 දරන වරදකරුවන් භාර දීමේ පනත මඟින් සලසා ඇත. එසේම ශ්‍රී ලාංකික පුරවැසියකු වෙනත් රටකදී සිරදඬුවම් විඳින අවස්ථාවක ඔහුගේ සිරදඬුවමේ ඉතිරි කාලය මෙරටදී විඳීම පිණිස ඒ අය ශ්‍රී ලංකාව වෙත භාර දීම සඳහාද මෙම පනත මඟින් විධිවිධාන සලසා ඇත. එකී විධිවිධාන අදාළ වනුයේ ශ්‍රී ලංකාව එම කරුණට අදාළව වෙනත් රටක් සමඟ ගිවිසුමක් ඇති කර ගෙන ඇති විටෙකදීය. ඒ අනුව, සිරදඬුවම් පමුණුවන තැනැත්තන් ශ්‍රී ලංකා රජය හා රුසියානු සමූහාණ්ඩුව අතර භාර දීම පිණිස වන ඉහත ගිවිසුමට එළඹීම පිණිස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.