• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිණිස සමාගමක් ලියාපදිංචි කිරීම

- මෙරට නීති ක්ෂේත්‍රයේ පවත්නා හැකියාවන් සහ වෘත්තීයමය තත්ත්වයන් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව නීතිය හා බැඳුණු සේවාවන් සම්බන්ධයෙන් කලාපීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමට අවධානය යොමු වී ඇත. ඒ සඳහා වන එක් පියවරක් ලෙස ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රජාවගේ ඉල්ලීම් සපුරා ලීම අරමුණු කරගනිමින් ආරවුල් නිරාකරණය කරගැනීමේ අපක්ෂපාතී, කාර්යක්ෂම හා විශ්වසනීය යන්ත්‍රණයක් ආසියාව තුළ ඇති කිරීමේ අරමුණින් ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කෙරිණි. එම මධ්‍යස්ථානයේ කටයුතු මේ වසරේ මැයි මාසයේ සිට ආරම්භ කිරීමට අපේක්ෂිත අතර එහි පරිපාලන කටයුතු වඩා සාර්ථකව ඉටු කිරීම සඳහා රජයට අයත් සමාගමක් ආරම්භ කිරීම පිණිස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.