• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ ප්‍රතිපත්තිය

- ලෝකයේ සංවර්ධිත රටවල පවතින සෞඛ්‍ය තත්ත්ව දර්ශක හා සැසඳිය හැකි මට්ටමේ සෞඛ්‍ය තත්ත්ව දර්ශක ශ්‍රී ලංකාව විසින් අත්පත් කර ගෙන ඇත. කෙසේ වුවද, අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවන් තවදුරටත් සංවර්ධනය කළ යුතු තත්ත්වයක පවතින අතර මෑතකාලීනව අනතුරු සිදුවීම් හා හදිසි අවස්ථා තත්ත්වයන් ඇති වීම ඉහළ යාමේ ප්‍රවණතාවක්ද දක්නට ලැබීම හේතුවෙන් කඩිනම් හදිසි ප්‍රතිකාර සේවාවන්ගේ අවශ්‍යතාවය තවදුරටත් වර්ධනය වී ඇත. ප්‍රතිකාර ලබන්නන්ගේ ආරක්ෂාව, ගරුත්වය රැකෙන අන්දමේ සහ ඔවුන්ට කඩිනමින් ගුණාත්මක රෝගී සත්කාරක සේවාවන් සැපයීමේ අරමුණ පෙරදැරිව දැනට පවතින අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීම හෝ නව ඒකක ස්ථාපිත කිරීම මඟින් අනතුරු හා හදිසි අවස්ථාවලදී ආබාධිත තත්ත්වයට පත්වීම හා මරණයට පත්වීම වළක්වා ගැනීම සඳහා ප්‍රමාදයකින් තොරව මනා සම්බන්ධීකරණයකින් යුත් විස්තීර්ණ හා පිරිවැය ඵලදායී අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවාවක් ලබා දීම ‍යෝජිත ප්‍රතිපත්තියට ඇතුළත් කර ඇත. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ අනතුරු හා හදිසි ප්‍රතිකාර පිළිබඳ ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.