• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදුල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට යෝජිත බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය

- බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද සහ අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව හා මහඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සීනි නිෂ්පාදනය සඳහා උක් වගා කිරීම හා ඒ සමඟ මිශ්‍ර භෝග වගා කිරීම, කිරි ගව පාලනය, ග්ලිඩිසීරියා වගාව හා එහි දඬුවල ඉවත ලන කොටස් යොදාගනිමින් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කිරීම යන ප්‍රධාන ක්‍රියාකාරකම් ඇතුළත් ‘බිබිල සීනි සංවර්ධන ව්‍යාපෘතිය’ නමින් ව්‍යාපෘතියක්, එකී ප්‍රදේශවල ගොවීන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. එහිදී එම ප්‍රදේශවල ජීවත් වන ගොවීන්ට තිරසර ආදායම් මාර්ගයක් ඇති කිරීම පිණිස එක් ගොවියෙකුට හෙක්ටයාර 2.5 ක පමණ ඉඩම් කොටසක් බැගින් ලබා දෙනු ඇති අතර එමඟින් එක් ගොවි පවුලකට මාසයකට රු. 60,000/- සිට රු. 80,000/- දක්වා වන තිරසර ආදායමක් උපයාගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ ඊට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.