• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම

- බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනතට යෝජිත සංශෝධන මහානාහිමිපාණන් වහන්සේලාගේ අවවාද, අනුශාසනා, මගපෙන්වීම් හා අනුමැතිය මත සිදු කිරීමට ක්‍රියා කරන බවට රජයේ දින 100 වැඩසටහන මඟින් ප්‍රතිඥා දී ඇත. ඒ අනුව සකස් කෙරුණු, බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත පිළිබඳව උනන්දුවක් දක්වන අමාත්‍යවරුන්ගේ අදහස් දැක්වීම් ඉදිරිපත් කිරීම පිණිස කල් තබන ලදී.