• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘ගාලු සමය - 2015’

- දකුණු සිරිලක, විශේෂයෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ සොඳුරු බව, අභිමානය සහ අසිරිය ලොවට කියාපෑමේ අරමුණින් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි වැඩසටහන්, කෘෂිකාර්මික, වෙළඳ හා කාර්මික ප්‍රදර්ශන හා සැණකෙළි ආදියෙන් සමන්විත ‘ගාලු සමය’ උළෙල සහ සැණකෙළිය 2008 - 2009 වසරවලදී ගාල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ඒ අනුව, දකුණු පළාත් සභාවේ සහ ගාල්ල මහනගර සභාවේ සහයෝගය ඇතිව ‘ගාලු සමය - 2015’ උළෙල සහ සැණකෙළිය මෙම වසරේ දෙසැම්බර් මස 27, 28, 29, 30 හා 31 යන දිනයන්හිදී ගාල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීම පිණිස අවශ්‍ය කටයුතු යොදා ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.