• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව විසින් පිලිපීනය සහ කාම්බෝජය සමඟ ද්විපාර්ශ්වික දේශපාලනික උපදේශන ආරම්භ කිරීම

- ශ්‍රී ලංකාව විසින් පිලිපීන ජනරජය හා කාම්බෝජියා රාජධානිය සමඟ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගෙන යනු ලබන අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අරමුණු කරගනිමින් මෙම සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතියි. එසේම පිලිපීනය සහ කාම්බෝජය කලාපීය සහ බහුපාර්ශ්වික සංසදවලදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන රාජ්‍යයන් දෙකකි. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පිලිපීන ජනරජයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සමඟ සහ කාම්බෝජියා රාජධානියේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගය පිළිබඳ අමාත්‍යාංශය සමඟ දේශපාලනික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.