• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සමඟිය සඳහා කාර්යාංශයක් පිහිටුවීම

- ශ්‍රී ලාංකික අනන්‍යතාව සුරකිමින් සෑම පුරවැසියෙකුටම ආර්ථික, සමා‍ජයීය, සංස්කෘතික හා දේශපාලනික ක්ෂේත්‍රයන්හි සම අවස්ථා උදා කර ලීම සහතික කිරී‍මේ දැක්මද සෑම ජන කොටසක්ම අන්‍යෝන්‍ය සහජීවනයෙන් හා සමඟියෙන් ජීවත් වෙමින් විවිධත්වයට ගරු කරන සමාජයක් බිහි කිරීමේ මෙහෙවරද පෙරදැරිව ශ්‍රී ලංකාව තුළ සාමකාමී හා කිසිදු ජන කොටසක් ප්‍රධාන සමාජ ප්‍රවාහයෙන් කොන් නොවූ (inclusive) සමාජයක් ගොඩ නැඟීමේ අරමුණින් ජාතික සමඟිය සඳහා වන කාර්යාලයක් පිහිටුවීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.