• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය

- අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අනුපමේය ආගමික, ශාසනික, සංස්කෘතික හා සාමාජීය මෙහෙවරක් ඉටු කළ ශ්‍රේෂ්ඨ ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් වන අතර, උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමටත් ආදාහන පූජෝත්සවය පැවැත්වෙන 2015 අප්‍රේල් මස 12 වන ඉරු දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.