• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්වවිද්‍යාලයන්හි මහපොළ ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර මුදල් ඉහළ නැංවීම

- මහපොළ ශිෂ්‍යත්වය 2015-07-01 දින සිට මාසයකට රුපියල් 5,000/- ක් දක්වා වැඩි කිරීමට 2015 අයවැය මඟින් යෝජනා කෙරුණු අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට ගැටලුවලින් තොරව අධ්‍යයන කටයුතුවල නිරත වීමට හැකි පරිසරයක් ගොඩනැඟීමේ අරමුණින් එම යෝජනාව 2015-05-01 දින සිට ක්‍රියාත්මක කිරීමටත් ශිෂ්‍යාධාර මුදලද එදින සිට රුපියල් 2,000/- සිට රුපියල් 2,500/- දක්වා වැඩි කිරීමටත් උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.