• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ භූතාන රාජකීය ආණ්ඩුව අතර ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම

- ඉහත අවබෝධතා ගිවිසුම මඟින් විදේශ ලේකම්වරුන්ගේ මට්ටමින් වඩාත් විධිමත් ආකාරයෙන් කොළඹ සහ තිම්පු අතර නිරන්තර ද්විපාර්ශ්වික උපදේශනයන් සඳහා යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අපේක්ෂා කෙරෙන අතර එහිදී දේශපාලනික, ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපනික සහයෝගිතාව ඇතුළුව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු, කලාපීය හා අන්තර්ජාතික ගැටලු ආදිය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනෙනු ඇත. ඒ අනුව, භුතාන අග්‍රාමාත්‍ය ගරු ට්ෂෙරින්ග් ටොබ්ගේ මැතිතුමාගේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ භූතාන රාජකීය ආණ්ඩුව අතර ඉහත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී.පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.