• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාල පරිශ්‍රයේ ඉදි කිරීමට යෝජිත රියැදුරු පුහුණු ධාවනපථය හා රථ නැවතුම

- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන රියැදුරු බලපත්‍ර සඳහා ප්‍රායෝගික පරීක්ෂණ දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වනු ලබන අතර කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය වේරහැර කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරේ. ප්‍රායෝගික පරීක්ෂණය සඳහා මාසයකට අයදුම්පත් 10,000ක් පමණ වේරහැර කාර්යාලයට ලැබෙන අතර, දැනට එම ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ රියැදුරු පුහුණු පරීක්ෂාව මහාමාර්ගයේදී සිදු කරනු ලැබේ. මෙම ප්‍රායෝගික පරීක්ෂණය මහාමාර්ගයේ පැවත්වීම ඉතා දුෂ්කර කටයුත්තක් වන අතර ඒ සඳහා ලෝකයේ අනෙක් රටවල් විසින් ඒ සඳහා වෙනත් දියුණු ක්‍රම භාවිත කරනු ලබයි. ඒ අනුව, රියැදුරු ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ධාවන පථයක් ඉදි කිරීම කඩිනමින් ඉටු කළ යුතු ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනා ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.