• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවට භූ‍ගෝලීය දර්ශකවල (Geographical Indications of Sri Lanka)ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම

- ශ්‍රී ලංකාවට පමණක්ම ආවේණික නිෂ්පාදන ලෙස පිළිගෙන ඇති ලංකා තේ, පිරිසිදු ලංකා තේ, ශ්‍රී ලංකා තේ, පිරිසිදු ශ්‍රී ලංකා තේ, ලංකා කුරුඳු, පිරිසිදු ලංකා කුරුඳු, ශ්‍රී ලංකා කුරුඳු, පිරිසිදු ශ්‍රී ලංකා කුරුඳු ආදියෙහි නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමත් එකී වෙළඳනාම ව්‍යාජ ලෙස යොදා ගැනීම නිසා රටට අත්වන අවාසිදායක තත්ත්වයන් මගහැරවීම සඳහාත් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ අවශ්‍ය නියෝග නිකුත් කිරීමටත්, අදාළ සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.