• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට වරායේ දෙවන අදියර සඳහා ඉඩම් පවරා ගැනීම

- හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ඉඩම් හෙක්ටයාර 491.5 ක් පමණ පවරා ගැනීම සඳහා හඳුනා ගෙන ඇති අතර එම ඉඩම් වරාය සංවර්ධන කටයුතු සඳහා මෙන්ම වරාය ආශ්‍රිත කර්මාන්ත ඇති කිරීම සඳහාද යොදාගැනීමට නියමිතය. පවරා ගැනීමට නියමිත එම ඉඩම්වල පවුල් 400 ක් පමණ දැනට පංදිචිව සිටින අතර ඔවුන්ට විකල්ප ඉඩම් හා වන්දි මුදල් ලබා දීම පිණිස වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.