• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
37 වන දුරස්ථ ගෝචර ග්‍රහණය (Remote Sensing) පිළිබඳ ආසියානු සමුළුව 2016 ඔක්තෝබර් - නොවැම්බර් මාස තුළ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දීම

- භුමිය මැනීම හා සිතියම්කරණය සඳහා නවතම තාක්ෂණය යොදා ගැනීමට අදාළව පැවැත්වෙන ‘දුරස්ථ ගෝචර ග්‍රහණය පිළිබඳ ආසියානු සමුළුව’, දුරස්ථ ගෝචර ග්‍රහණය පිළිබඳ ආසියානු සංවිධානය සහ එම සමුළුවේ සත්කාරකත්වය දරන රට විසින් වාර්ෂිකව සංවිධානය කෙරෙන වැදගත් සමුළුවකි. එම සමුළුව දුරස්ථ ගෝචර ග්‍රහණ තාක්ෂණය (Remote Sensing Technology)සහ එහි භාවිතය වැඩිදියුණු කිරීම සඳහා ආසියා - පැසි‍ෆික් කලාපයෙහි රටවල්වල මාරුවෙන් මාරුවට පවත්වනු ලැබේ. ඒ අනුව, 37 වන දුරස්ථ ගෝචර ග්‍රහණය පිළිබඳ ආසියානු සමුළුව 2016 ඔක්තෝබර් - නොවැම්බර් මාස තුළදී ශ්‍රී ලංකාවේ පැවත්වීම පිණිස ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.