• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අඩු වරප්‍රසාද සහිත දරුවන් සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ හදවත් සැත්කම් සිදු කිරීමේ විශේෂ වැඩසටහන

- උපතේදීම හෘදයේ දක්නට ලැබෙන ව්‍යූහමය ගැටලු ‘සහජ හෘද දෝෂ’ ලෙස හැඳින්වෙන අතර ශ්‍රී ලංකාව තුළ මේ වන විට වසරකට දරුවන් 2500 - 3000 ක් පමණ සහජ හෘද රෝග සහිතව උපත ලබන බවට ඇස්තමේන්තු කර ඇත. ඔවුන් අතරින් 2000 කට පමණ ශල්‍යකර්ම සිදු කළ යුතු වේ. මේ වන විට වාර්ෂිකව රෝගී දරුවන් 900 ක් පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී මෙවැනි ශල්‍යකර්මවලට භාජනය වන අතර එවන් ශල්‍යකර්ම සුළු සංඛ්‍යාවක් පමණක් කරාපිටිය ශික්ෂණ රෝහලේදීත්, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදීත් සිදු කෙරේ. දැනට, රෝගී දරුවන් දහස් ගණනක් ශල්‍යකර්ම සඳහා වන පොරොත්තු ලේඛනවල සිටින අතර ඔවුන් අතරින් බොහෝ දෙනෙකු ශල්‍යකර්ම සිදු කිරීමට පෙරම මරණයට පත්වීම හෝ නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි සංකූලතාවලට ලක්වීම හෝ සිදු වේ. ඒ අනුව, දැනට හදවත් සැත්කම් සඳහා වන දීර්ඝ පොරොත්තු ලේඛනවල සිටින රෝගී දරුවන්ට අදාළ සැත්කම් කඩිනමින් සිදු කරගැනීම සඳහා ගත හැකි වඩාත්ම ඵලදායී පියවර වන රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ රොටරි සමාජය හා අනුබද්ධ සංවිධානයක් වන “ගිෆ්ට් ඔෆ් ලයිෆ් ඉන්ටනැෂනල්” සංවිධානයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසුව හදවත් සැත්කම් සිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.