• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය

- ලොව පුරා පවතින රෝග තත්ත්වයන් සඳහා ප්‍රධාන වශයෙන් දායක වන කරුණක් ලෙස මද්‍යසාර භාවිතය හඳුනාගෙන ඇති අතර පහළ සහ පහළ මැදි ආදායම් රටවලින් වාර්තා වන අකල් මරණ සහ ආබාධයන් සඳහා හේතු වන ප්‍රමුඛතම අවදානම් සාධකය ලෙසද එය ලැයිස්තුගත කර ඇත. වාර්තා වන පරිදි ශ්‍රී ලංකාව තුළ පිරිමින් අතර සිරෝසීස් මරණ අනුපාතය 100,000 කට 33.4 ක් වන අතර එය ඒ පිළිබඳව ලොව ඉහළතම අනුපාතයද වේ. රටෙහි පවතින ඉහළ සිය දිවි නසා‍ගැනීම් සහ සිතාමතා සිදු කරගැනෙන ස්වයං හිංසනයන් සමඟ මද්‍යසාර දැඩිව බැඳී පවතියි. තවද පවුල් තුළ දක්නට ලැබෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සඳහාද මෙය හේතුකාරකයක් වේ. එසේම මද්‍යසාර භාවිතය සහ ශ්‍රී ලංකාවේ පවතින දුප්පත්කම අතර සංකීර්ණ සබඳතාවක්ද පවතියි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ජාතික මානසික සෞඛ්‍ය කමිටුව ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් මද්‍යාසාර පාලනය පිළිබඳ ඵලදායී ජාතික ප්‍රතිපත්තියක් තිබීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර, ඒ අනුව, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ, ශ්‍රී ලංකාවේ මද්‍යාසාර භාවිතය පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.