• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිළිකා වැළැක්වීමේ සහ පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය

- මෑතකාලීනව ‍ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධාන රෝගයක් ලෙස පිළිකා රෝගය හඳුනා ගෙන ඇති අතර 1985 වසරේදී පුද්ගලයන් 100,000 කට 37.6 ක් වූ පිළිකා රෝගීන් සංඛ්‍යාව 2005 වසර වන විට පුද්ගලයන් 100,000 කට 74.2 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගය ඉහළ යාමේ නැඹුරුවක් පෙන්නුම් කරයි. පියයුරු, මුඛය, ගලනාළය, ගැබ්ගෙල, පෙණහලු, තයිරොයිඩ්, මහා අන්ත්‍රය, අධෝ මාර්ගය, වසා ග්‍රන්ථි හා ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා සහ ලියුකේමියාව ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ග 10 වේ. පිළිකා පාලනය කිරීම සහ වැළැක්වීම බෝ නොවන රෝග වැළැක්වීමේ පුළුල් සංකල්පයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය සැලැස්ම - 2007-2016 මඟින් හඳුනාගෙන ඇත. ඒ අනුව, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ, පිළිකා මඟින් රෝගීවීම හේතු කොටගෙන මහජනතාවට ඇති වන ගැහැට අවම කිරීම සඳහා වන සියලු ක්‍රියාමාර්ග ඇතුළත් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගයට ගොදුරුවීම වැළැක්වීමේ හා පාලනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රමෝපායික සැලැස්ම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.