• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතු සේවකයන්ට ඉඩම් අයිතිය සමඟ සැබෑ නිවසක හිමිකාරීත්වය ලබා දීම සඳහා දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම

- රජයේ දින 100 වැඩසටහන මඟින් වතුකරයේ ජනතාව දැනට ජීවත්වන දුෂ්කර‍ ලයින් කාමර ජීවිතයෙන් මුදවා ගෙන ඔවුන්ට ඉඩම් අයිතිය සමඟ සැබෑ නිවසක හිමිකාරිත්වය ලබා දීමට පියවර ගන්නා බව ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, අදාළ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව පරිදි එකී කාර්යය සඳහා අනුගමනය කළ යුතු බවට හඳුනාගත් පියවර ක්‍රියාත්මක කිරීමටත් වතු සේවකයන්ට පර්චස් 07 ක ඉඩම් කොටසක් ලබාදීමටත් ඒ සඳහා බැංකුවක් විසින් පිළිගත හැකි නීතිමය ලියවිල්ලක් ලබා දීමටත් විවිධ ආයතන විසින් ඉදිකර ප්‍රතිලාභීන්ට ලබා දෙන ලද එහෙත් පසුව නීති විරෝධි ලෙස තෙවන පාර්ශ්වයන්ට පවරා දුන් නිවාස නැවත භාර ගෙන එම නිවාස වන්දි ලබා දීමකින් තොරව වතු කම්කරු නිවාස සමුපකාර සමිතිවලට පවරා දීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.