• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර පොලීසිය (INTERPOL) මඟින් හඳුන්වා දී ඇති විශේෂ ගමන් බලපත්‍රය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම

- ශ්‍රී ලංකාවද සාමාජිකත්වය දරන ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානය (International Criminal Police Organization) මඟින් ජාත්‍යන්තර පොලීසියේ නිල රාජකාරිවලට අදාළව දේශ සීමා ඉක්මවා යන විමර්ශන කටයුතු ආදිය සඳහා විදෙස් ගමන්වල නිරත වන ජාත්‍යන්තර පොලීසියේ නිලධාරින්ට සහ නීතිය බලගන්වන නිලධාරින්ට කඩිනමින් වීසා ලබාගැනීමට හැකි වන පරිදි විශේෂ ගමන් බලපත්‍රයක් හඳුන්වා දී ඇත. දැනට මැලේසියාව, මාලදිවයින, පාකිස්තානය, නේපාලය, ඇ‍ෆ්ගනිස්ථානය, ලාඕසය, පිලිපීනය හා සිංගප්පූරුව වැනි ආසියානු රටවල් කිහිපයක්ද ඇතුළුව ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානයේ සාමාජික රටවල් 72ක් මෙම විශේෂ ගමන් බලපත්‍රය පිළිගැනීමට ලක් කර ඇත. ඒ අනුව, ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානයේ ඉල්ලීම පරිදි එම විශේෂ ගමන් බලපත්‍රය පිළිගැනීමට අදාළව ගිවිසුමකට එළඹීමටත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබීම පිණිස පොලිස්පතිවරයාට බලය පැවරීමටත් මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.