• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා රබර් වතු හිමියන් විසින් නිෂ්පාදනය කරනු ලබන ස්වාභාවික රබර් සඳහා සහතික මිලක් ලබා දීම

- වර්තමාන දේශීය වෙළඳ පොළ තුළ රබර් මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ යාම සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර වෙළඳපො‍ළේ මිල පදනම් කර ගත් මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ක්‍රමවේදය වෙනුවට දේශීය වෙළඳපොළේ රබර් මිල පදනම් කර ගනිමින් සහතික මිලෙහි හා දේශිය වෙළඳපොළෙහි රබර් මිල අතර වෙනස රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් කුඩා රබර් වතු හිමියන්ට ගෙවීම සඳහාත්, ඒ අනුව එකී ක්‍රමවේදය 2015 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක කිරීම සඳහාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.