• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු යටිතල පහසුකම් ආයතන බැංකුව (AIIB) ස්ථාපනය කිරීම සඳහා දැනට පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්වය

- 2015 වසර අවසානය වන විට ස්ථාපිත කිරීම සැලසුම් කර ඇති ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආරම්භක සාමාජිකයකු ලෙස එයට එක් වන ලෙස චීන මහජන සමුහාණ්ඩුව විසින් 2013 දෙසැම්බර් මස ශ්‍රී ලංකා රජය වෙත කරන ලද ඉල්ලීම අනුව ඊට අදාළව පැවති බහු පාර්ශ්වික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව සහභාගි වූ අතර සමාරම්භක සාමාජිකයින් වශයෙන් බැංකුවට සහභාගීවීමට කැමැත්ත පළ කරන ලද රටවල් 21 ක් අතරට එක් වෙමින් 2014 ඔක්තෝබර් මස 24 දින ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාව ද අත්සන් තබන ලදී. ඒ අනුව බැංකුව ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් වන කරුණු සාකච්ඡා කිරීමේ සාකච්ඡා වට සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකාව ද සුදුසුකම් ලබා ඇති බව ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.