• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය (LKIIRSS) සහ පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (NDU) අතර අධ්‍යයන සහයෝගිතා ගිවිසුම

- අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දැනුම, පළපුරුද්ද හා තොරතුරු හුවමාරු කර ගැනීමේදී සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ අපේක්ෂාව පෙරදැරිව, ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ගේ පාකිස්තාන නිල සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය(LKIIRSS)හා පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය (NDU) අතර ඉහත අධ්‍යයන සහයෝගිතා ගිවිසුමට එළඹීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.