• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යාපෘති නොවන ජපාන ආධාර ප්‍රදාන වැඩසටහන 2014/2015 යටතේ ජපාන දේශීය නිෂ්පාදන මෙරටට ලබාදීම සඳහා රුපියල් මිලියන 550 ක (ජපන් යෙන් මිලියන 500) ආධාර ප්‍රදානය කිරීම

- ශ්‍රී ලංකාව හා ජපානය අතර පවත්නා දීර්ඝකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව ජපාන රජය විසින් වාර්ෂිකව ලබා දෙන ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යටතේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ප්‍රවාහන පහසුකම් හා කෘෂිකාර්මික ක්‍රියාකාරකම් නඟා සිටුවීම වෙනුවෙන් ජපාන උපකරණ මෙරටට ලබා දීම සඳහා ජපන් යෙන් මිලියන 500ක (රුපියල් මිලියන 550 ක පමණ) ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත. එම උපකරණ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින රජයේ කෘෂිකාර්මික ආයතනවලට ලබා දීමට නියමිතය. ඒ අනුව, ඉහත ප්‍රදානය වෙනුවෙන් ජපාන සහ ශ්‍රී ලංකා රජයන් අතර හුවමාරු පත්‍ර අත්සන් කිරීම පිණිස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.