• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සී/ස ලංකා නැව් සංස්ථාව හා පාකිස්තානු ජාතික නාවික සංස්ථාව අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

- රාජ්‍යයන් දෙකෙහි අනුමැතිය ප්‍රකාරව දෙරටේ ධජලත් නෞකා සමාගම් දෙක අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම මඟින් එම ආයතන දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව වඩාත් තහවුරු වීමට ඉඩ සැලසේ. එබැවින්, ජනාධිපතිතුමාගේ පකිස්තානු නිල සංචාරය අතරතුරදී ඉහත සඳහන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.