• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැනුම් ආර්ථිකයක් අරමුණු කර ගත් ශ්‍රී ලංකා බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධන සැලැස්ම

ශ්‍රී ලංකාව මැදි ආදායම් සහිත දැනුම් ආර්ථිකයක් වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ තරඟකාරීව ඉදිරියට යන සංවර්ධන ගමන සඳහා අවශ්‍ය ශක්තිය, බලශක්ති ක්ෂේත්‍රයෙන් උපරිම ලෙස ලබා දීම අරමුණු කර ගෙන මෙම බලශක්ති සංවර්ධන සැලැස්ම සකස් කොට ඇත. පරිසරය ආරක්ෂා කරමින්, දේශීය බලශක්ති ප්‍රභවයන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින්, ප්‍රාදේශීය විෂමතා අවම කරමින්, විශ්වසනීය, ගුණාත්මක හා ලාභදායී බලශක්ති සේවාවක් රටේ දුප්පත්, පොහොසත් භේදයකින් තොරව සියලුම ජනතාවට දැරිය හැකි අවම මිලකට සැපයීම මෙම සැලැස්මේ මූලික අරමුණ වේ. මෙම සංවර්ධන සැලැස්ම (2015 - 2025) ක්‍රියාත්මක කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.