• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමු තේ දලු කිලෝවක් සඳහා රු. 80/- ක සහතික මිලක් පවත්වාගෙන යාම

- කුඩා තේ වතු හිමියන් විසින් නිපදවෙන අමු තේ දලු කිලෝවක් සඳහා රු. 80/- ක සහතික මිල ක්‍රමයක් පවත්වා ගෙන යාම රජයේ දින100 වැඩසටහනට ඇතුළත් එක් යෝජනාවක් වන අතර මුදල් අමාත්‍යතුමා 2015‑01‑29 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය ලේඛනයෙහිද එම යෝජනාව අන්තර්ගත විය. ඒ අනුව, රජයේ දින 100 වැඩසටහන යටතේ කුඩා තේ වතු හිමියන් විසින් නිපදවෙන අමු තේ දලු කිලෝවක් සඳහා රුපියල් 80/- ක සහතික මිලක් ලබා දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.