• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය වෙසක් උත්සවය - 2015

- මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ පුදබිමෙහි පැවැත්වීමට තීරණය කර ඇති අතර, මෙම උත්සවයට සමගාමීව පැවැත්වෙන තෝරාගත් වැඩසටහන් සඳහා පෞද්ගලික අංශයේ අනුග්‍රාහකත්වය/දායකත්වය ලබාගැනීමටද අපේක්ෂා කෙරේ. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.