• Increase font size
  • Default font size
  • Decrease font size

2015-04-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෛවමිතික තොරතුරු ඇතුළත් පුද්ගල දත්ත පද්ධතියක් සකස් කිරීම හා විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළ විධිවිධාන සැලසීම සඳහා 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම

- විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට සහ ජෛවමිතික තොරතුරු (ඇඟිලි සලකුණු) ඇතුළත් පුද්ගල දත්ත සමූදායක් ස්ථාපනය කිරීමට විධිවිධාන සැලසීම පිණිස 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකසන ලද පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.