• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිදන්ගත වකුගඩු රෝගයේ රෝග නිධානය සොයා ගැනීම හා එම රෝගයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජලය පිරිසිදු කිරීම

- ශ්‍රී ලංකාවේ උතුරුමැද, වයඹ, ඌව, මධ්‍යම, නැ‍ඟෙනහිර හා උතුරු පළාත්වල රෝග කාරකය නිශ්චිතව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින අතර, බොහෝ විට පානීය ජලයෙහි ඇති සුවිශේෂ වූ ජල-භූ රසායන සංඝටකවල සංයෝජනය මෙම රෝගය ඇති වීමට හේතු විය හැකි බවට අදහස් පළ වී ඇත. මේ පිළිබඳව වැඩිදුර පර්යේෂණ කටයුතු පැවැත්වීම පිණිස චීනයේ විද්‍යා පර්යේෂණ ආයතනය සහ නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස නාගරික සංවර්ධන,  ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.