• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන - 2015

- ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාස 160 ම ආවරණය වන පරිදි දිවයිනේ ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘතියේ අරමුණ වනුයේ ගම්මානයන්හි ජීවත් වන ජනතාවගේ එදිනෙදා ජීවිතයට වඩාත් බලපෑමක් සිදු කරන ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමයි. අදාළ ප්‍රදේශවල ප්‍රජා මූලික සංවිධාන මඟින් ග්‍රාමීය මට්ටමේ හඳුනාගත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් සංවර්ධන කාර්යයන්ට සහභාගි වීම උදෙසා එම ප්‍රදේශවල ජනතාවට අවස්ථාව සලසා දෙනු ඇත. එසේම අමුද්‍රව්‍ය සැපයීම සහ කොන්ක්‍රීට් ඇතුරුම් ගල් නිෂ්පාදනය කිරීම මඟින් ගම් මට්ටමින් රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීමද මෙමඟින් අපේක්ෂිතය. ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.