• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තෙල්දෙණිය මූලික රෝහලේ සංවර්ධන කටයුතු කිරීම

- දියුණු වෙමින් පවතින ප්‍රදේශ ඉලක්ක කොටගෙන මූලික සමාජ සේවා වැඩිදියුණු කිරීමේ (ජයිකා) ව්‍යාපෘතිය යටතේ ද්විතීයික මට්ටමේ සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය මූලික රෝහල තෝරා ගැනිණි. එම රෝහලේ ක්‍රියාත්මක සංවර්ධන කටයුතුවලට සමගාමීව යාන්ත්‍රික හා විද්‍යුත් පද්ධතියක් රෝහල තුළ ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 200 ක ඇස්තමේන්තුගත අතිරේක මුදල් ප්‍රමාණයක් ලබාගැනීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.