• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විසල් මහනුවර ජලසම්පාදන ව්‍යාපෘතිය

- විසල් මහනුවර ජලසම්පාදන ව්‍යාපෘතිය I වන අදියරෙහි II වන පියවර සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් අරමුදල් සපයනු ලබන අතර විසල් මහනුවර ප්‍රදේශයේ නළ ජලය සඳහා පවතින ඉහළ ඉල්ලුම සපුරා ලීම පිණිස මෙය ක්‍රියාත්මක වේ. මෙම පළමු අදියරෙහි II වන පියවරට සේවා ජලාශයක්, පොම්පාගාරයක්, නිල නිවාස, සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ මාර්ග ඉදි කිරීම සහ මාර්ග ප්‍රතිස්ථාපනය ඇතුළත් වේ. හඳුන්වා දෙන ලද නව වැඩ විෂය පථය හේතුවෙන් ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ යාම නිසා, පිරිවැය ඇස්තමේන්තු කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සමස්ත පිරිවැය ඇස්තමේන්තුව ප්‍රතිශෝධනය කිරීමට සහ ව්‍යාපෘතිය නිම කිරීමේ දිනය 2015‑06‑20 වන දින දක්වා දීර්ඝ කිරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.