• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු පළාත් ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථාන ගොඩනැඟිලි සංකීර්ණය -

- 2014 ජනවාරි මාසයේ එළඹුණු අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව, යාපනය කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදි කරමින් පවතින උතුරු පළාත් ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්ථාන ගොඩනැඟිලි සංකීර්ණය ජලය, විදුලිය, දුරකථන හා අන්තර්ජාල පහසුකම් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වන අතර එහි වපසරිය වර්ග අඩි 113,000 කි. මීට අමතරව අභ්‍යන්තර මාර්ග පද්ධතියක්, උද්‍යානයක්, පිහිනුම් තටාක දෙකක්, විදුලි ජනක යන්ත්‍ර, වි‍දුලි සෝපාන, ජල පිරිපහදු යන්ත්‍ර ආදී පහසුකම්වලින්ද එය සමන්විත වේ. දැනට මෙම ගොඩනැඟිලි සංකීර්ණයේ 70% ක පමණ වැඩ අවසන් වී තිබේ. මෙම ඉදි‍ කිරීම සඳහා අනුමත ඇස්තමේන්තුව රුපියල් මිලියන 1,587.8 ක් වන අතර මේ දක්වා කරනු ලැබ ඇති ඉදි කිරීම් වෙනුවෙන් දරා ඇති වියදම රුපියල් මිලියන 966.3කි. මෙහි අත්‍යවශ්‍ය ඉතිරි වැඩ කොටස් පමණක් ඉංජිනේරු සැලසුම් අනුව අවසන් කර එම ගොඩනැඟිලි සංකීර්ණය රාජ්‍ය, අර්ධ රාජ්‍ය හෝ වෙනත් සුදුසු ආයතනයකට පවරා මහජන ප්‍රයෝජනයට යොදාගැනීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.