• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා කටාර් රාජ්‍යය අතර ක්‍රීඩා සංවර්ධනය සඳහා වන අවබෝධතා ගිවිසුම

- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා කටාර් රාජ්‍යය අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. එහිදී පහත සඳහන් ක්ෂේත්‍රයන්ද ඇතුළුව ක්‍රීඩා සංවර්ධනය හා සහයෝගිතාව සඳහා දෙපාර්ශ්වය විසින් කටයුතු කරනු ඇත:

* විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන් සඳහා ක්‍රීඩා
* තහනම් උත්තේජක ගැනීම පාලනය කිරීම
* ක්‍රීඩා පහසුකම් කළමනාකරණය සහ නඩත්තුව
* පුහුණු කඳවුරු
* ක්‍රීඩාව සහ එහි සංවර්ධනය හා බැඳුණු සියලු ක්ෂේත්‍රවල සහයෝගය
* එකඟවූ, ක්‍රීඩාව හා සම්බන්ධ වෙනත් ඕනෑම සහයෝගයක්