• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය වත්කම් ආපසු ලබා ගැනීම පිළිබඳ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකාය

ශ්‍රී ලාංකිකයන් හා වෙනත් තැනැත්තන් විසින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ක්‍රියා කරමින් හෝ අන්‍යාකාරයකින් නීතිවිරෝධී ලෙස හෝ අනීතික ලෙස අත්කර ගෙන හෝ ලබා ගෙන, ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් පිටපත සඟවා තිබෙන හෝ තබා ගෙන සිටින සහ ශ්‍රී ලංකා රජයට ලැබිය යුතු වත්කම් සහ ආදායම් පිළිබඳව විමර්ශනය කර ඒවා හඳුනාගැනීම, සෙවීම හා ඒවා තහනමට ගැනීමට ඵලදායී පියවර ගැනීම මෙන්ම එම වත්කම් මහා භාණ්ඩාගාරය සතු කිරීම සඳහා ශ්‍රී ලංකාවට පවරා ගැනීම සඳහා රාජ්‍ය වත්කම් ආපසු ලබාගැනීම පිළිබඳ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.