• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපරිමාධිකරණ සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු - දෙවන අදියර

- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය හා අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන උපරිමාධිකරණ ගොඩනැඟිලි සංකීර්ණය 1980 දශකයේදී චීන ජනරජය විසින් ඉදි කරන ලද්දක් වන අතර, ශ්‍රී ලංකා රජය විසින් චීන ජනරජයෙන් කළ ඉල්ලීමකට අනුව 2013/2014 වර්ෂයන්හිදී එහි අලුත්වැඩියා කටයුතුවල පළමු අදියර චීන රජයේ පරිත්‍යාගයක් ලෙස සාර්ථකව ඉටු කර අවසන් කරන ලදී. එහි දෙවන අදියර ලෙස පහත සඳහන් අලුත්වැඩියා කටයුතු චීන ජනරජයේ පරිත්‍යාගයක් ලෙස සිදු කිරීමේ මූලික සැලසුම් සම්පාදනය කිරීමට චීන ජනරජයේ විශේෂඥ සැලසුම් ශිල්පීන් කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන මූලික ගිවිසුම චීන ජනරජය සමඟ අත්සන් තැබීම පිණිස අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* සමස්ත ගොඩනැඟිල්ලේ ව්‍යූහාත්මක වෙනස්කම්
* සමස්ත විදුලි පද්ධතිය අලුත්වැඩියාව
* ජලාපවහන පද්ධතිය අලුත්වැඩියාව
* දුරකථන පද්ධතිය අලුත්වැඩියාව
* ගිනි නිවීමේ ආරක්ෂක පද්ධතිය අලුත්වැඩියාව
* වායුසමීකරණ පද්ධතිය අලුත්වැඩියාව