• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වන පනත් කෙටුම්පත්

2015 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීමට පහත සඳහන් පනත්වලට අදාළ සංශෝධනයන් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත් අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත
* 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත
* 2009 අංක 9 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත
* මුදල් පනත
* 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත
* 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත
* 1988 අංක 40 දරන ඔට්ටු සහ සූදු බදු පනත