• Increase font size
  • Default font size
  • Decrease font size

2015-03-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ගුවන්යානා ධාවන පථය නැවත ආස්තරණය හා ආශ්‍රිත වැඩ සම්බන්ධ කොන්ත්‍රාත්තුව

ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමකින් තොරව හා විනිවිදභාවයකින් තොරව සිදු වී ඇති බව තහවුරු වී ඇති ‍හෙයින් දැනට ප්‍රදානය කර ඇති ඉහත කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම පිණිස වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.